Thursday, April 14, 2011

ගණන් කරන්ට ලේසි විදියක්

මම කියන්න හදන්නෙ ඔයාලා බැරිවෙලාවත් අන්තර්ජාල මෙවුවා එකක් හැදුවොත් එකට එන කට්ටිය ගනන් කරන්නෙ කොහොමද කියලා. එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. එක කරන්න ක්‍රම ගොඩාක් තියනවා මම දෙක තුනක් කියන්නම්.
අපිට පුලුවන් මෙවුවා එකේ දොර ගාව පුටුවක් තියල වාඩිවෙන්න ඊට පස්සෙ ඒකේ වාඩිවෙලා එන කට්ටිය ගණන් කරන්න 1යි, 2යි, 3යි.....................ගොඩායි. හැබැයි මතක අමතක කරන්න නම් එපා එහෙම වුනොත් හැමදාම එක්කෙනෙකුට වඩා එන එකක් නෑ. නිදාගන්න යනකොට දොර හොදට වහන්න. හොරුන්න  එන්න බැරිවෙන්න.තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙවුවා එකට ඇවිත් යන කට්ටිය හොදට සෝදිසි කරල එලියට දාන්ට. දන්කලේ එවුන් කිසිම හැදියාවක් නැති එවුන් අහුවෙන ඔනම දෙයක් අරන්යනවා. හැබැයි ගණන් බැරිනම් මෙක කරන්න යන්ට එපා.
මම තව විදියක් කියන්නම්කො. එක කලින්ට වඩා ලේසියි. ඒකට කොලේකුයි පෑනකියි ඔනවෙනවා. එනකත්තියට කියන්න නමයි ලිපිනයයි දුරකතන මෙවුව එකයි ලියන්ට කියන්ට. මතක ඇතුව ලස්සන නංග කෙනෙක් ආවොත් නමට යටින් ඉරක් අදින්න එක පස්සෙ කාලෙක ප්‍රයෝජන වෙන්ට පුලුවන්ට.
අදට ඔය ඇතිය මම යන්ට යනව දොරලගට එන කට්ටිය ගණන් කරන්ටත් ඔනනේ.